Popular Posts

Thursday, November 22, 2012

යාපනයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට
රජය ඕනෑම මුදල් ප්‍රමාණයක්‌ වැය කිරීමට සූදානම්

නියෝජ්‍ය ඇමැති සරත් අමුණුගම


යාපනය දිස්‌ත්‍රික්‌කයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා රජය මුදලින් රුපියල් කෝටි, ප්‍රකෝටි ගණනක්‌ වැය කිරීමට සූදානම් යෑයි විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු පනතේ නියමයන් ඉදිරිපත් කරමින් මුදල් නියෝජ්‍ය ඇමැති සරත් අමුණුගම මහතා ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේa (18 වැනිදා) පෙරවරු 9.30 ට රැස්‌විණි.

නිවේදන, ලිපි ලේඛන සහ වාර්තා ඉදිරිපත් කළ පසුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

අනතුරුව විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු පනතේ නියමයන් ඉදිරිපත් කරමින් මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා මෙසේ කීය.

2008/2009 ලොව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. තෙල් මිල වගේම පරිභෝජන භාණ්‌ඩ මිල ඉහළ ගියා. රජයට සහන පැකේජයක්‌ ඉදිරිපත් කරන්න සිදු වුණා. දේශීය නිෂ්පාදන වැඩි කිරීමට ප්‍රතිලාභ පහසුකම් ලබාදුන්නා. මිල දරාගත හැකි වන පරිදි පාරිභෝගිකයා වෙනුවෙන් විශාල ලෙස බදු අඩු කළා. එහිදී සංයුක්‌ත බදු ක්‍රමය උපාය මාර්ගයක්‌ කර ගත්තා. අත්‍යවශ්‍ය භාණ්‌ඩවලට තිබුණේ වෙන් වෙන් බදු. මේ සහන පැකේජය තුළ සංයුක්‌ත බද්ද අඩු කළ නිසා අපට හැකි වුණා පාරිභෝගිකයාට සහන සලසන්න. ඉන් රජයේ ආදායම අඩු වුණා. ආර්ථික අර්බුදය හමුවේ අප ගෙන ආ සංයුක්‌ත බදු ක්‍රමය පාර්ලිමේන්තුවේදී අනුමත කරගත යුතුයි. දේශගුණික විපර්යාසය නිසා එක කලෙක හාල් හිඟයක්‌ ඇතිවුණා. අපි පිටරටින් හාල් ගෙන ආවේ මේ සංයුක්‌ත බදු ක්‍රමය යටතේ බදු අඩුකරමින්. අද උතුර නැගෙනහිර වී නිෂ්පාදනය වැඩි වෙලා. උඩරට බැඳපු වේලිවල ජලය යවන්නේ උතුරට, නැගෙනහිරට. රටේ පාරිභෝගිකයා රැක ගන්නවා වගේම නිෂ්පාදකයාත් රැකගත යුතුයි.

අද අප රටේ දේශීය නිෂ්පාදනය වැඩි වෙලා. අපි හදන්නේ මිල වැඩි වුණත් ඒ ප්‍රතිලාභය දේශීය ගොවියාට ලබා දීමටයි. අනුර කුමාර දිසානායක මහතා දේශීය කිරි ගොවියා හදන්න කොතරම් මහන්සි වුණාද.

අනුර කුමාර දිසානායක මහතා

2005 දී 89% ක්‌ කිරිපිටි රටට ගෙනාවා. 2008 දී 90% ක්‌ ගෙනාවා. බද්ද ගැහුවට වැඩක්‌ නෑ. ඒ හා සමානවම කිරි නිපදවීමට වැඩ සටහනක්‌ තිබිය යුතුයි. ඒ වැඩසටහන් කඩාවැටිලා.

අමුණුගම මහතා

අපි ඒ තත්ත්වය වැඩි කළ යුතුයි. හැමදාම පිටරට කිරි පිටි ගෙන එන්න බැහැ. යාපනයේ කෘෂිකර්මාන්තයට සුදුසු ජලය නැහැ. ඒත් යාපනයේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන්න රජය ලෑස්‌තියි.

මේ බදු කියන දේවල් අපගේ දේශීය නිෂ්පාදන අනුව වෙනස්‌ කළ යුතුයි. හැමදාම එකම තත්ත්වයේ පැවතිය යුතු නැහැ. බදු ක්‍රමයේ සාර්ථකත්වය පසුගිය මැතිවරණ දිහා බැලුවහම කියන්න පුළුවන්. මිල ස්‌ථාවරව සහ රටේ සංවර්ධනය එක ලෙස ගෙන යායුතුයි.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

මේ බදු ගෙනත් තිබෙන්නේ දේශීය නිෂ්පාදනය වැඩිකිරීමට නොවෙයි. ලෝකයේ හැම භාණ්‌ඩයකම මිල අඩුවුණා. ඇයි එහෙම වුණේ. රජයට විදේශ ණය ගෙවිය යුතුව තිබූ නිසා තමයි මේ විදිහට බදු වැඩි කරන්න වුණේ.

මේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ ජීවන මිල වැඩිකරන එකයි. ජනතාවගේ නිදහස නැති කිරීමයි. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඡන්දය ඉල්ලුවා කියලා දැන් යුද්ධාධිකරණයක දාගෙන ගන්නවා. එය සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර අයිතිය උල්ලංඝනය කිරීමක්‌.

යුද්ධය අවසන් කර වසරක්‌ ගතවෙන මොහොතේදී විශාල වශයෙන් මුදල් වියදම් කරල උත්සවයක්‌ පවත්වනවා. ඒත් ඊට නායකත්වය දුන් සරත් ෆොන්සේකා හිර කූඩුවක ඉන්නේ. එංගලන්තයෙන් මුදල් දී තිබෙනවා රජයට වන්නියේ ජනතාව යළි පදිංචි කරන්න කියා. ඒත් ඒ ජනතාව තවමත් ඉන්නේ කුකුල් කූඩුවල.

කොළඹ ජනතාවගේ නිවාස දැන් කඩනවා. ඇයි එහෙම කරන්නේ. ඒ නිවාස කඩලා සුඛෝපභෝගී නිවාස හදන්නයි. ඒවා කෝටි හතර පහකට විකුණන්නත් හදනවා. මේ ගැන ඒ විෂයභාර විමල් වීරවංශවත් දන්නේ නෑ. නාගරික සංවර්ධනය භාර වෙන්නේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයටයි. ඒත් ඒ ආයතනය ආරක්‍ෂක අමාත්‍යංශයට අරගෙන. මේ මහ වැස්‌ස නිසා කොළඹ, ගම්පහ, කළුතර ජනතාව අසරණ වෙලා. කෝ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ආවාද?

සමාජ සේවා ඇමැති ෆීලික්‌ස්‌ පෙරේරා මහතා

මේ බදු ක්‍රමය ඇතිකරේ පසුගිය පෙබරවාරි මාසයේදී මහාමැතිවරණයට කලිනුයි. ජාත්‍යන්තරව පිළිගත් එච්. එස්‌. කෝඩ් එකට අනුවයි මේ බදු ක්‍රමය සකස්‌කර තිබෙන්නේ. අද එහි වෙනස්‌කම් ටිකක්‌ පමණයි මේ සිදුවන්නේ.

නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මූලාසනයට පැමිණේ

අත්‍යවශ්‍ය සේවා ඉටු කිරීම සඳහා බදු පැනවිය යුතුයි. සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම ක්‌ෂේත්‍රයට විශාල වශයෙන් අප මුදල් වියදම් කර තිබෙනවා. ආබාධිත සෙබළුන් වෙනුවෙන් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. උතුරේ අවතැන් ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසිය යුතුයි. වෙනත් රටවල විශ්‍රාම වැටුප් අහෝසිකර තිබෙනවා. ඒත් අපි තවමත් විශ්‍රාම වැටුප් ගෙවනවා.

 
Powered By -
 යාපනයේ  සරු  බිම

ශ්‍රී ලංකාව ඉන්දියන්  සාගරයේ  මුතු ඇටය  යන විරුදාවලියෙන්  පිදුම් ලත් ස්වර්ණ  භූමියකි .සෑම බිම් අගලක්ම   වගා කළ හැකි මේ පින් බිමේ ඉපදීමට  අපි සැබැ වාසනාව්න්තයින්  වී තිබේ .ලංකාව ප්‍රමානයෙන් සුළු භූමි භාගයක් පුරා පැතිර ගිය බිම් කඩකි .නමුත් ඒ පින් බිම ස්වාභාවික  සම්පත්  වලින් අනුන සශ්‍රීක භූමියක් බව  අප පමණක් නොව පිටරැටියන්  පවා  පිළිගෙන    හමාරය . නමුත් ,මේ සරු බි මෙන්  ශ්‍රී ලාංකීය  අපි නිසි  ප්‍රයෝජන ගෙන ඇත්දැයී සැක සාහිතය. ප්‍රතිපල ලබා ගත්තද  එය  සුළු ප්‍රමාණයකි .

                                                                                              පෙරදිග  පැවති ස්ව්පොෂිත ආර්ථිකයක්  තිබූ අපේ රට ආගාධයට ඇද  දෑමී මේ  ප්‍රධ්න හැරවුම්  ලක්ෂය  වුයේ දශක 30 ට අධික කාලයක් අප රට වෙලාගෙන තීබු කුරිරු  යුද්දයි .යාපනය දිස්ත්‍රික්කය මුළු ශ්‍රී ලංකා භූමියෙන්  සැලකිය  යුතු භූමි ප්‍රමාණයක් හිමි කරගත්  ප්‍රදේශයකි .මීට වසර 30 ට පමණ පෙර යාපන පොළොවේ තුල සෑම බෝගයක්ම හොදින් වගා කටයුතු  කෙරුණි .හේන් ගොවිතැන හා කුබුරු  ගෝවී  තැනද බොහොම සරුවට කල හැකි ප්‍රදේශයක් ලෙස යාපනය හදුන්ව දීය හැක.එදවස යාපනයේ 95% පමණ  කෘෂිකර්මාන්තය සිදු විය .බැලු  බැලු  අත නිල්ල  ගහන භූමි භාගයක්  යාපනය සතු විය .
                                                                              නමුත්  වසර  30 ක්  පුර පැවති  කුරිරු  යුද වාතාවරණය හේතුවෙන් ඒ  සශ්‍රීක බිම ලෙයින්  තෙත්  වූ මුඩු  බිමක්  බවට පත් විය .ගස් වැල් වලින් පිරි තිබුණු යාපනේ භූමිය ජන ශුන්‍ය මුඩු බිමක් බවට පත් විය.නමුත් ජාතියේ වාසනව්ට ඒ කුරිරු යුද්ද්ය අවසන් කොට නැවතේ යාපනයට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවටම නිදහසේ හුස්ම ගැනීමේ නිදහස ලැබී තිබේ .මේ නිසම දැන් දැන් යාපනයේ තුල නැවත කෘෂිකර්මන්තය පන ගසා  තිබේ .ශ්‍රී ලංකාවේ  යාපනය ප්‍රදෙශයටම ආවේනික වූ මිදී වගාව,ළුණු  ව්ගාව්, තල් වගාව් ,මෙන්ම කැරට් ,ගෝවා ,වම්බටු ,ගස්ලබු ,අබ ,කෙසල් ,වැනි බොහෝ එළවලු හා පලතුරු වර්ග වගා කිරීම්   කටයුතු මේ වන විට සිදු වේ . විවිධ  දුෂ්කරතා මැද වුවත් පාරම්පරික ගොවින් මෙන්ම මෙම කර්මාන්තයට් අලුතින් එකතු වූ ගොවින් ද  මේ  වගාවන්හි  නිරත වේ . නමුත් පෙර පැවති නිල්ල ගැහුණු යාපන  පරිසරය නැවත කවදා  එලෙසම දැක ගන්නද? ඒ සදහා අපට  තව  බොහෝ කලක් මග බලා  සීටිමට සිදු වනු ඇත ,

                                                                               

අප්සරා මදුවන්ති   


    යාපනයේ  තල්,
                                         ශ්‍රී ලංකාවේ පිහිටි විවිධ ප්‍රදේශයන්හි ඊටම ආවේනික වූ  ලක්ශන තිබීම සාමාන්‍යය කරුණකි .ඒ අතරේ විචිත්රවත් වූ සංස්කෘතියකට  උරුමකම් කියන දමිල ජන කොටසක් ජීවත් වන  වියලි දේශගුණයකින් සමන්විත වූ යාපන භූමිය සැබවින්ම විවිධතත්වයකින් යුක්තය.යාපනයේ භූමිය "පනෙයි මන් " ලෙස හැදින්වීම වඩා උචිත යැයි  හැගේ .බැලු  බැලු  අත දකින්නේ  තල්  ගස්ය. ඒ නිසාම  තල්  භූමිය ලෙස යාපනය නම් කිරීම වඩා  සුදුසුය. තල්  ගස යාපනේ ජනතාවගේ ජීවිතයත්  සමග බොහෝ සෙයින් බැදී  පවතී .
.යාපනයේ කෘෂිකර්මාන්තය  තම ජිවිකාව කර  ගත් ගොවින්  අතුරින් තල්  වගාකරුවන් සුවිශේෂී  වේ.මිට  දශක 3 ට පමණ පෙර ස්රි ලංකාවේ ජාතික නිෂ්පාදනයේ ප්‍රමුකයකු  ලෙස තල් කර්මාන්තය කටයුතු කළේය .නමුත් කුරිරු  යුද්දය හේතුවෙන් එය විනාශ වී ගියේ  ඉතා  වේගයෙනි . නමුත් දැන් යුද  වාතාවරනය පහව ගොස් නවත නිදහසේ හුස්ම ගැනීමට යාපනේ ජනතාව්ට අවස්ථාවේ ලැබුණි ඒ නිසාම යාපනයේ කෘෂිකාර්මික හා කාර්මික සියලු අංශයන්හි මේ වන විට  ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් විම්ට දායක වී ඇත . මේ අතරින් තල්  වගාව යාපන ප්‍රදේශයේ සීග්‍ර  වර්ධනයක් අත්  කරේ ගෙන ඇත . යුද්දයෙන්  පසුව රජය  යාපනයේ තල් වගාව සදහා වැඩි අව්ධ්නයක් යොමු කිරීම ,ජනතාව ද වැඩි උනන්දුවක් මේ සදහා ඇතිකර ගැනීම  මෙයට හේතු  වී ".  අපි වවමු ,රට නගමු " යන රජයේ ආර්ථික සංකල්පය  පෙරදරිව උතුරු වසන්තය , නැගෙනහිර  නවොදය  වැනි වැඩසටහන්  යටතේ යාපන දිස්ත්‍රික්කය  තුල විවිධ ප්‍රදේශයන් හි තල්  සංවර්ධන ඇකඩමී  20 පමන මේ වන විට ආරම්භ වී ඇත.
 1966 වසරේ  යාපනයේ "කයිදැඩි " ප්‍රදේශයේ ආරම්බ කල තල් පර්යේශන ආයතනය යුද්දය හේතුවෙන් විනාශ  විය .මේ පිලිබද  අවධානය යොමු කල රජය ,මෙය නවත  ප්‍රතිසංස්කරනයට  කටයුතු  යෙදිය. ඒ අනුව ඉන්දිය  ආධාර යටෙතේ කෝටි  08 ක වියදමින් මෙය යලි ගොඩ නගා පසුගිය ජුනි මාසයේ ආරම්භ ක්ලෙය.මෙම මධයස්ථානය තුල  තල්  ආශ්‍රිත විවිධ පර්යේශ්න කටයුතු සිදු වමින් පවතී . එසේම නවින   යන්ත්‍ර  සුත්‍ර ,නවින තාක්ෂනය  මෙම මධ්‍යස්ථාන ය සතුය .
අප්සරා මදුවන්ති මුදලිගේ 

   තල්  අත්කම් කර්මාන්තය  
         
                         යාපනයේ තල් කර්මාන්තය විවිධ පැතිකඩයන් ඔස්සේ විහිදී යයි .පොල් ගස මෙන්ම  බොහෝ  ප්‍රයෝජන ලබා ගත හැකි ශාකයකි තල ශාකය.තල්  ආශ්‍රයෙන් නිර්මාණය කරන අහාර වර්ග මෙන්ම තල්  ආශ්‍රයෙන් කරනු ලබන පාන වර්ග හා මත් පැන්  වර්ග යාපනය තුල ප්‍රචලිතය .එසෙම තල්  ආශ්‍රයෙන් කැරෙනු ලබන තල් අත්කම්  නිර්මානද ,යාපනයේ  සුවිශේෂී  තල්  නිෂ්පාදන අංගයක්  බවට පත්  ව ඇත . පැරැන්නන්  විශ්වාස කරන අන්දමට යාපන ප්‍රදේශයේ විවිධ කුලයන් ඒ ඒ කුලග්‍රොත්ත්‍රයන්ට ආවේනික  රැකියවන්හි  නිරත විය . එහිදී , තල් කර්මාන්තය සමාජය තුල පහත්  යැයි සම්මත කුලයේ ජීවත් වුවන්  විසින් කල යුතුව  තිබුණි . මේ නිසමේ එදවස  යාපනය තුල තල්  කර්මාන්තය එතරම් දියුණුවක් හෝ  ජනප්‍රිය තාවක් නොවිය .
                                      නමුත් ,වසර 30 ක යුද්දයේ නිමාවත් සමග යාපන  ප්‍රදේශය තුල සැලකිය යුතු වෙනස්කම් රාශියක් සිදු වී ඇත.
මේ නිසමේ කුල  භේද  අමතක  කොට ඉතා ඉක්මන්  සංවර්ධනයකට  සරෙසෙන  තල්  කර්මාන්තයේ නියලිමට දැන් දැන් යාපන ජන්තාව පුරුදුවෙ සිටි . එසේම සාමාන්‍ය  පාරිභෝගික ජන්තාවද  තල්  ආශ්‍රේයන් නිර්මාණය කල නොයෙකුත් භාන්ඩ පරිභෝජනයට ද වැඩි නැබුරුවක් දක්වයි .මේ නිසමේ යාපනයේ තල්  ඇත්කම් කර්මාන්තය සැලකියයුතු  සංවර්ධනයක් පෙන්නුම් කාරයි . මේ නිසා ආධායම් ඉපයිය  හැකි ප්‍රධාන ක්‍රෙමෝ පාය  මාර්ගයන්  අතරින් තල් අත්කම් ප්‍රධන තනක් ගනී .
                                                                                යාපනයේ සංවර්ධන වැඩසතන් යටතේ   ක්‍රියාත්මක වූ නැගෙනහිර නවෝද්‍යා ,උතුරු වසන්තය වැනි සංවර්දන වැඩසටහන්  හරහා තල්  කර්මාන්තකරුවන්ට රජයේ විසින් විශාල ලෙස ආධාර ලබාදෙමින් පවතී .විශේශනම තල්  අත්කම් කර්මාන්තය ජාත්‍යන්ත්රය්ට්  වෙලදපොල වෙත ගෙන යාමේ මුලික පියවර රජය විසින් මේ වන විට ගනු ලැබ  ඇත.ඒ අනුව යාපන් දිස්ත්රික්කයේ  විවිධ ප්‍රදේශ වල තල්  අත්කම්  නිර්මාණ  ඇකඩමි 20 පමන මේ වන විට ආරම්භ  වී ඇත.
එම අක්ඩමි තුල  සේවක   සේවිකාවන් 200 ක් පමන රැකියාවේ නිරත වේ .
                                                                    තල්  අත්කම්  නිර්මාණ සම්බන්ධව මාස් 3 ක පුහුණුවකින් පසු ඔවුන්ව තල්  අත්කම් නිර්මාණ ඇකඩමි  කරා යොමු කිරීම්  තල්  සංවර්දන  මන්ඩලය  හරහා සිදු වේ . තල්  ඇකඩමි  තුල රැකියාවේ නිරත වන්න්ට පහසුකම් රාශියක් සැලසිමට රජය මෙනම තල්  සංවර්දන  මන්ඩලය ද කටයුතු යොදා  ඇත.ඒ අනුව ඔවුන්ට තම සේවයේ වෙනුවෙන් මාසය අවසාන්යේ  වැටුපක් හිමි වේ . එසෙම අඩු  අදායම් ලාබී තල්  කර්මන්තයේ නියැලෙන කම්කරුවන් සදහා නිවාස සංවර්ධනය ට  ආධාර සහ ණය ලබා දෙනු ලැබේ .
                                                                               මේ අනුව තල්  අත්කම්  නිර්මාන්කර්න්යේ  නියැලෙන බොහෝ දෙනාගේ හිත සුව පිනිස මෙන් ම  මෙම කර්මන්තෙයේ  නියැලෙන අය සදහා ද වරප්‍රසා ද රාශියක් හිමි වී තිබීම  සතුටට  කරුණකි .

අප්සරා ............



තල් ගස හා බැඳී තිබෙන උතුරේ ජන ජීවිතයට තල් පර්යේෂණ ආයතනය මහඟු දායාදයක් වනු ඇත

Palmyrah Research Institute jaffna

- අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ

(දෙවන සංස්කරණය) තල් ගස හා බැඳී තිබෙන උතුරේ ජන ජීවිතයට අද ආරම්භ කරන තල් පර්යේෂණ ආයතනය මහඟු දායාදයක් වන බවත්, එයින් සම්පූර්ණ ප‍්‍රයෝජන ගෙන තම ජීවිත වඩා සංවර්ධනය කර ගන්නා ලෙසත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා යාපනයේ කයිතඩිහි නැවත පිහිටුවන ලද තල් පර්යේෂණ ආයතනය විවෘත කරමින් ප‍්‍රකාශ කර සිටියේය.

යාපනය කයිතඩි ප‍්‍රදේශයේ තල් පර්යේෂණ ආයතනය 1966 වසරේ විවෘත කර ඇත. 1995 වසර දක්වා ක‍්‍රියාත්මකව පැවතියත් යුද්ධය හේතුකොටගෙන ආයතනය වසා දැමීමට සිදු වී ඇති අතර ගොඩනැගිලි ද විනාශ වී තිබුණි. නවීකරණය කරන ලද තල් පර්යේෂණ ආයතනය ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (20) ජනතා අයිතියට පත් කරනු ලැබීය.

යුද්ධය අවසන් වී සාමය උදාවීමත් සමග ම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ කේන්ද්‍රගත ව පවතින තල් කර්මාන්තය සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම තල් පර්යේෂණ ආයතනය සංවර්ධනයට රජය මගින් පියවර ගනු ලැබීය. තල් පර්යේෂණ ආයතනය නවීකරණය කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය ලබාගැනීමට ඉන්දියානු රජය මගින් රුපියල් මිලියන 75ක ප‍්‍රදානයක් ලබා දුන් අතර ශ‍්‍රී ලංකා රජය මගින් තල් පර්යේෂණ ආයතනය පැවති ගොඩනැගිල්ල නවීකරණය කිරීමට සහ අනෙකුත් පහසුකම් ලබාදීමට රුපියල් මිලියන 24ක මුදලක් වැය කරනු ලැබීය.

උත්සවය අමතා තවදුරටත් කතා කළ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා; “2009 යුද්ධය අවසාන වී සාමය උදාවූ මොහොතේ ම යාපනයේ පැවති දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අපි තල් ගස් සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. මට මතකයි අපි එම රැස්වීම තිබ්බේ යාපනය පුස්තකාල ශාලාවේ දී. ඒ අනුව අපි එම වර්ෂයේ ම තල් ගස් සිටුවීම ආරම්භ කළා. ඒ මොහොතේ දී අපි සාකච්ඡා කළා ලෝකයේ තිබෙන අනෙකුත් ආහාර නිෂ්පාදන සමග තල් නිෂ්පාදන ද තරග කළ හැකි තත්ත්වයෙන් තිබිය යුතුයි කියා. මේ ගැන උනන්දුවක් දැක් වූ ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාට මේ රටේ සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා කර්මාන්ත භාර දෙන අවස්ථාවේ දී තල් සංවර්ධන මණ්ඩලයත් අතිගරු ජනාධිපතිතුමා විසින් පැවරුවා. ඒ අනුව එතුමා වහා ම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ තිබුණු තල් සංවර්ධන මණ්ඩල කාර්යාලය යාපනයට ගෙනවිත් තල් නිෂ්පාදන ජාලය ඒකාබද්ධ කරමින් කටයුතු කරගෙන යනවා. හැබැයි එතුමා තල් සංවර්ධනය යාපනයට සීමා කළේ නෑ. තල් වැවෙන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සහ සෑම දිස්ත‍්‍රික්කයක ම එම නිෂ්පාදන සංවර්ධනය කිරීමට කටයුතු කරගෙන යනවා.


මෙම පර්යේෂණ ආයතනය විනාශ වී තිබුණු ආයතනක් එතුමාට මෙය ආරම්භ කිරීමට අවශ්‍ය වුවත් මුදල් හා තාක්‍ෂණය සොයා ගැනීම අසීරු වුණා. ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට ගොඩනැගිලි සඳහා අයවැයෙන් මුදල් වෙන්කර ගත් අතර, තාක්‍ෂණය සඳහා ඉන්දියාවෙන් ආධාර ලබාගත්තා. කුමන අසීරුකම් ආවත් වැඩක් කිරීමට ආරම්භ කළ හොත් ඩග්ලස් දේවානන්දා ඇමතිතුමා එය කෙසේ හෝ ඉටු කරනවා. ඒ අනුව මේ සඳහා අවශ්‍ය විද්වතුන් ද සම්පූර්ණ කරගෙන මෙහි වැඩ ආරම්භ කළා. එසේම, ඉන්දියානු රජයට අපි මේ අවස්ථාවේ ස්තූති කළ යුතුයි ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා විශාල වශයෙන් ආධාර කිරීම ගැන. උතුරේ සංවර්ධනය වෙනුවෙන් ට‍්‍රැක්ටර් 500, නිවාස 50,000 ක් ඇතුළු විවිධ ආධාර ඉන්දියානු රජයෙන් සපයා තිබෙනවා. ඉන්දියානු ආධාර සමග ගොඩනැගෙන උතුරු දුම්රිය මාර්ගයේ ළඟදීම යාල්දේවී දුම්රිය උතුරට ඒවි කියා අපි විශ්වාස කරනවා” යැයි ප‍්‍රකාශ කළේය.


මෙහිදී කතා කළ සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා; මෙම මධ්‍යස්ථානය ගොඩනැගීම සඳහා ආධාර ලබාදුන් ඉන්දීය රජයට සිය ස්තූතිය පුදකරන බවද විශේෂයෙන් මේ අවස්ථාවේ උත්සවයට සහභාගී වන ඉන්දියානු මහකොමසාරිස් අශෝක් කේ. කාන්තා මහතා ශ‍්‍රී ලංකාවට විශේෂ ආධාර සපයමින් ඉතාමත් ම දැඩි සුහදත්වයකින් යුතු ව කටයුතු කිරීමගැන එතුමාට විශේෂ ස්තූතිය පුද කරන බවද පැවසීය.


මෙහිදී කථාකල ඉන්දියානු මහකොමසාරිස් අශෝක් කේ. කාන්තා මහතා ශ‍්‍රී ලංකාව සමඟ එකතු වී ඉන්දියාව විවිධ සංවර්ධන වැඩසටහන් ඉදිරියේදීත් ක‍්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව ද ප‍්‍රකාශ කළේය.


සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා කතා කරමින්; ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සහයෝගයෙන් ද මෙම තල් පර්යේෂණ ආයතනය ආරම්භ කළ බවත්, මහින්ද චින්තනයට අනුව තල් නිෂ්පාදනය ශක්තිමත් කිරීමට පසුගිය අයවැයෙන් මිලියන 14කට අධික මුදලක් වෙන්කර ඇති බව ද පෙන්වා දුන්නේය.


මෙම උත්සවයට යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිල්වෙස්ති‍්‍ර ඇලන්ටීන් (උදයන්), සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම් ඉමෙල්ඩා සුකුමාර්, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ලක්ෂ්මන් ඉලංගෝවන්, උතුරු පළාත් ප‍්‍රධාන ලේකම් විජයලක්‍ෂ්මි, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති පසුපති සිවරත්නම්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති මාර්ෂල් ජනතා, නෝර්ත් සී ආයතනයේ සභාපති පරන්තාමන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ජස්මින් මාන්නපෙරුම, යාපනය දිසාපති අරුමෙයිනායගම්, කිලිනොච්චි දිසාපතිනී රූපාවතී කේතීෂ්වරන්, ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


උත්සවය අවසානයේදී, ඉන්දියානු අධාර යටතේ යාපනයේ කයිතඩි හි ඉදිකිරීමට බලාපොරොත්තු වන ශිල්ප ගම්මානයට ද මුල්ගල් තැබීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතින් සිදුවිය. මේ සඳහා ඉන්දියානු රජයෙන් රුපියල් මිලියන 20ක ආධාර ලබා දී ඇත.

Palmyrah Research Institute jaffna 1
Palmyrah Research Institute jaffna 2
Palmyrah Research Institute jaffna 4
Palmyrah Research Institute jaffna 3

HC/med

Tuesday, July 10, 2012

ඩෙංගු මාරාන්තිකයි,එය පවසන්නේ මා නොව හෙගල්ය .

මේ දිනවල මාධ්‍ය කර්මාන්තය පුවත් නැතිව වේලි වේලි සිටින නිසා ඉතා සුළු දෙයක් උවද පෙනෙන්නේ ලොකුවටය.  ඉතින් පත්තර පිටු පිරෙන්න සහ විද්යුත් මාධ්‍ය වල ගුවන් කාලය අපතේ යන්න මේ සුළු සිදුවීම් නොහොත් ප්‍රවුර්ති  කතුවරුන් සහ පුවත් අධ්‍යක්ෂවරුන් යොදාගන්නේ දැන දැනය. ඔය ආකාරයට උඩ දම දමා පහරදෙන නවතම දෙය වී ඇත්තේ ඩෙංගු වසංගතයයි. 
සාමාන්යෙන් ජනතාව තුළ ඩෙංගු වලක්වා ගැනීම සම්බන්ධයෙන් පවතින අදහස වන්නේ මදුරු කීටයන් බෝ නොවන ආකාරයට පරිසරය තබා ගැනීමය.
ඒ නිසා බොහෝ දෙනා කරන්නේ තම ගෙවතු කඩිනමින් පිරිසිදු කර ගැනීමයි. ඔවුන් සිතන්නේ  ගෙවත්ත පිරිසිදු කර ගත් විට ලංකාවෙන් ඩෙංගු තුරන් වන බවය. මිනිසුන් වැඩි වැඩියෙන් ගෙවතු සුද්ද කරන විට වැඩි වැඩියෙන් පුවත් පත් වල ඩෙංගු නිසා මරණයට පත් වන සංක්‍යාව දැක්වෙන පුවත් වැඩි වෙයි. මේ විරුද්ධාබාශය ගැන අප අවබෝධ කරගත යුත්තේ එහි ස්වභාවය  හදුනා ගැනීම සදහා පමණක් නොව එසේ සිදුවන්නේ මක් නිසාදැයි යන්න පිළිබදවද අවබෝධයක් ලැබීම පිණිසය.
ලංකාව වැනි තුන්වැනි පන්තියේ රටක පරිසරය නිරන්තරයෙන්ම අපිරිසිදු වෙයි. එය එක් තාක්  දුරකට සමාජයේ කුඩාම තැනුම් ඒකකය වන පවුල් සංස්ථාවට පිරිසිදු කරගැනීමට  හැකි අතර ඉන් එහා කොටස පිරිසිදු කිරීමට මැදිහත් වන්නේ රජය හරහා නගර සභා සහ වෙනත් පෞද්ගලික ආයතනයන්ය.  නමුත් ඩෙංගු ප්‍රශ්නයේදී රජය ජනතාව මතට අවධානම දමා ඇත. මෙම රජය එසේ කරන්නේ ජනතාව සිතන ආකාරය ගැන හොදින් ඔවුන් අවබෝධ කරගෙන සිටින නිසාවෙනි. ජනතාව හැම විටම සිතන්නේ  තම පවුල ශක්තිමත් කරගත් විට සමාජය ශක්තිමත් වී රාජ්‍යද ශක්තිමත් වන බවය. මහරජා හේගල් ගැන නොදන්නවා වුවාට ලුම්පන් ජනතාව සහ ඔවුන්ගේ  බාල ආශාවන් ගැන හොදින්ම දනී. ඒ නිසා ඔහුගේ පාලනය දිගටම පවත්වාගෙන යයි. 
කිවුබාව විසින් ඩෙංගු මර්දනය කිරීම සදහා බී.ටි.අයි. බැක්ටීරියාව සොයාගෙන ඇති අතර එය ලංකාවට ගෙන ඒමට එක් වරක් තීරණය කෙරුනද කොම්පැනිකරුවන්ගේ කොමිස් මුදල් අහිමි වන නිසා රජය එය ගෙන ඒම සිදුකලේ නැත.
ඉතින් ඩෙංගු ප්‍රශ්නය විසදීමට මේ රජයට විනාඩි  10 ක් වත් ගත වන්නේ නැත. ඒ කිවුබානු රජය සමග මහා රජාට ලොකු හිටවත්කමක් තියෙන නිසා එක කෝල් එකකින් ඒම බැක්ටීරියාව මෙහෙට ගෙන්වා ගැට හැකිය. පරිසරය අපිරිසිදු නිසා දඩ කන සහ හිරේ විලංගුවේ වැටෙන ජනතාව මේ කරණය ගැන නොදන්නවා නොවේ, ඒ බව දැන දැනම නරුමවාදීව ජිවත් වෙයි. ජනතාවට තව දුරටත් රජයෙන් දඩ කමින් නරුමවාදිව ජිවත් විය හැකිය. එහෙත් අප සැවොම මතක තබා ගත යුත්තේ හැකි පමණින් රාජ්‍ය ජනතාවාදී කිරීමට උත්සහ කරමින් එය ශක්තිමත් කල විට තමා ජිවත් වන සමාජය සහ පවුලද ක්‍රමිකව ශක්තිමත් වන බවය. එය පවසන්නේ මා නොවය හෙගල්ය.
          
Monday, June 25, 2012

කඩි ගුලක් ඇවිස්සී
තිබුණි මහා උදෑසන..
ගං දියක් සොයා මා
වෙහෙස වී නැවතීමි..
                                 ගං තෙරක් මා අසල
                                 බලා ඉනු මා දුටිමි..
                                 සියලු දුක් කඳුළු
                                 වීසි කොට, පා කර
                                 දිනක් ගං තෙර සිප ගතිමි..
             ඒ දිනය දින...

Monday, July 9, 2012

කොමියුනිස්ට් ධනපතියෙකු වූ
ලිබරල් කවියකි
ඔබ...
මම,
විදවන්න කවි ලියන
පසුගාමී පන්හිදකි..

ප්‍රේමයෙන් මන්මත්ව -
ඔකඳ වී...
වරදටත්, නිවරද්දටත් - බැන වැදී...
හිනැහෙමි...
හඬන්නෙමි...
ප්‍රේමය,රාගය,ලෝකය...
හැමෙකක්ම දේශපාලනිකය...
ඔබ නැත හැලක්, හොල්මනක්...
"රිදවන්න එපා මා"
                   කියා මා රිදවගමි...
තුන් හිතම...
හඬවා ඔබ දකින්නට
තුන් ඇසම...
"ආදරෙයි සොඳුරියේ,
ඇත්තටම ...

දිවි ගඟේ
අහඹු හමුවීම..
මිතුරු ඔරුව...
ගඟ සැඩ වෙද්දීත්..
නිසල වෙද්දීත්..
ඔරුව සිටියා නොසෙල්වී..
අත්වැල වුනා මට,
හිනැහෙන්න...සැනසෙන්න,
නැලවෙන්න..
ආදර සුළං ඔහේ පා වුණා..
ස්නේහ පොද වැස්ස
ඇද වැටුණා..
හිමි හිමින්..
ගඟටත් සොරෙන්..
බර වුණා - මිතුරු ඔරුව....
ඇල වෙලා ගිහින්
පෙරළුනා ආදරයකට...

යහලුවනේ..
යෙහෙලියනේ...
පෙරළුණ පිට හොඳද?

Sunday, April 29, 2012


ඔඹ වගේ කෙනෙක් තව ඇත්නම් ඒ ඔඹම තමයි තුන් ලෝකේ සද වගේ සදක් තව ඇත්නම් ඒ මගේ සදයි සිත් අහසේ සරස සරස ඔඹ ඉන්නට ආසයි ...සිරස සිරස සිප ගන්නට ආසයි ............. ඔඹ හිනාවකට සුදු මුතු මල්දම් මේ ලයේ පහන් දැල්වෙන අන්දම් ඔඹ මගේකියා මට හිතෙනවනම් ඒ තරම් සැපක් මට නෑ ආයේ සනස සනස සිත මම ඉන්නම් සිහින සිහින මැද සරනවනම් රන් රූපෙන් ගලනා පිට සදකැන් මේ රැයේ කොහොම ඉන්නද නොදනිම් මා ඔඹෙයි කියා ඔඹ සිතනවනම් මේ තරම් දුරස් වී ඇයි ඉන්නේ පැටලි පැටලි ඔඹ ළග ඉන්නම් නැළවි නැළවි ඔඹ නළවන්නම්
අදින් පසුව නෑ අප හමුවන්නේ... මේ අවසන් දිනයයි.....
සසර පුරාවට අත්වැල් බැඳ ආ ගමන මෙයින් නිම වෙයි.....//
වරද මගේදැයි... වරද ඔබේදැයි නොඅසමි ඔබගෙන් මතු දවසේ...//
එකම මගක යන දෙදෙනෙකු වෙමු අපි නන්නාදුනනා අය විලසේ....
 කියන්න කිසිවක් ඉතිරිව නෑ මට සියල්ල නිමවන මේ මොහොතේ...//
පිසින්න අවසර දෙන්න ලඳේ මට අවසන් කඳුලත් ඔය දෙනෙතේ...