Popular Posts

Thursday, November 22, 2012



    යාපනයේ  තල්,
                                         ශ්‍රී ලංකාවේ පිහිටි විවිධ ප්‍රදේශයන්හි ඊටම ආවේනික වූ  ලක්ශන තිබීම සාමාන්‍යය කරුණකි .ඒ අතරේ විචිත්රවත් වූ සංස්කෘතියකට  උරුමකම් කියන දමිල ජන කොටසක් ජීවත් වන  වියලි දේශගුණයකින් සමන්විත වූ යාපන භූමිය සැබවින්ම විවිධතත්වයකින් යුක්තය.යාපනයේ භූමිය "පනෙයි මන් " ලෙස හැදින්වීම වඩා උචිත යැයි  හැගේ .බැලු  බැලු  අත දකින්නේ  තල්  ගස්ය. ඒ නිසාම  තල්  භූමිය ලෙස යාපනය නම් කිරීම වඩා  සුදුසුය. තල්  ගස යාපනේ ජනතාවගේ ජීවිතයත්  සමග බොහෝ සෙයින් බැදී  පවතී .
.යාපනයේ කෘෂිකර්මාන්තය  තම ජිවිකාව කර  ගත් ගොවින්  අතුරින් තල්  වගාකරුවන් සුවිශේෂී  වේ.මිට  දශක 3 ට පමණ පෙර ස්රි ලංකාවේ ජාතික නිෂ්පාදනයේ ප්‍රමුකයකු  ලෙස තල් කර්මාන්තය කටයුතු කළේය .නමුත් කුරිරු  යුද්දය හේතුවෙන් එය විනාශ වී ගියේ  ඉතා  වේගයෙනි . නමුත් දැන් යුද  වාතාවරනය පහව ගොස් නවත නිදහසේ හුස්ම ගැනීමට යාපනේ ජනතාව්ට අවස්ථාවේ ලැබුණි ඒ නිසාම යාපනයේ කෘෂිකාර්මික හා කාර්මික සියලු අංශයන්හි මේ වන විට  ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් විම්ට දායක වී ඇත . මේ අතරින් තල්  වගාව යාපන ප්‍රදේශයේ සීග්‍ර  වර්ධනයක් අත්  කරේ ගෙන ඇත . යුද්දයෙන්  පසුව රජය  යාපනයේ තල් වගාව සදහා වැඩි අව්ධ්නයක් යොමු කිරීම ,ජනතාව ද වැඩි උනන්දුවක් මේ සදහා ඇතිකර ගැනීම  මෙයට හේතු  වී ".  අපි වවමු ,රට නගමු " යන රජයේ ආර්ථික සංකල්පය  පෙරදරිව උතුරු වසන්තය , නැගෙනහිර  නවොදය  වැනි වැඩසටහන්  යටතේ යාපන දිස්ත්‍රික්කය  තුල විවිධ ප්‍රදේශයන් හි තල්  සංවර්ධන ඇකඩමී  20 පමන මේ වන විට ආරම්භ වී ඇත.
 1966 වසරේ  යාපනයේ "කයිදැඩි " ප්‍රදේශයේ ආරම්බ කල තල් පර්යේශන ආයතනය යුද්දය හේතුවෙන් විනාශ  විය .මේ පිලිබද  අවධානය යොමු කල රජය ,මෙය නවත  ප්‍රතිසංස්කරනයට  කටයුතු  යෙදිය. ඒ අනුව ඉන්දිය  ආධාර යටෙතේ කෝටි  08 ක වියදමින් මෙය යලි ගොඩ නගා පසුගිය ජුනි මාසයේ ආරම්භ ක්ලෙය.මෙම මධයස්ථානය තුල  තල්  ආශ්‍රිත විවිධ පර්යේශ්න කටයුතු සිදු වමින් පවතී . එසේම නවින   යන්ත්‍ර  සුත්‍ර ,නවින තාක්ෂනය  මෙම මධ්‍යස්ථාන ය සතුය .
අප්සරා මදුවන්ති මුදලිගේ 

No comments:

Post a Comment