Popular Posts

Tuesday, July 10, 2012

ඩෙංගු මාරාන්තිකයි,එය පවසන්නේ මා නොව හෙගල්ය .

මේ දිනවල මාධ්‍ය කර්මාන්තය පුවත් නැතිව වේලි වේලි සිටින නිසා ඉතා සුළු දෙයක් උවද පෙනෙන්නේ ලොකුවටය.  ඉතින් පත්තර පිටු පිරෙන්න සහ විද්යුත් මාධ්‍ය වල ගුවන් කාලය අපතේ යන්න මේ සුළු සිදුවීම් නොහොත් ප්‍රවුර්ති  කතුවරුන් සහ පුවත් අධ්‍යක්ෂවරුන් යොදාගන්නේ දැන දැනය. ඔය ආකාරයට උඩ දම දමා පහරදෙන නවතම දෙය වී ඇත්තේ ඩෙංගු වසංගතයයි. 
සාමාන්යෙන් ජනතාව තුළ ඩෙංගු වලක්වා ගැනීම සම්බන්ධයෙන් පවතින අදහස වන්නේ මදුරු කීටයන් බෝ නොවන ආකාරයට පරිසරය තබා ගැනීමය.
ඒ නිසා බොහෝ දෙනා කරන්නේ තම ගෙවතු කඩිනමින් පිරිසිදු කර ගැනීමයි. ඔවුන් සිතන්නේ  ගෙවත්ත පිරිසිදු කර ගත් විට ලංකාවෙන් ඩෙංගු තුරන් වන බවය. මිනිසුන් වැඩි වැඩියෙන් ගෙවතු සුද්ද කරන විට වැඩි වැඩියෙන් පුවත් පත් වල ඩෙංගු නිසා මරණයට පත් වන සංක්‍යාව දැක්වෙන පුවත් වැඩි වෙයි. මේ විරුද්ධාබාශය ගැන අප අවබෝධ කරගත යුත්තේ එහි ස්වභාවය  හදුනා ගැනීම සදහා පමණක් නොව එසේ සිදුවන්නේ මක් නිසාදැයි යන්න පිළිබදවද අවබෝධයක් ලැබීම පිණිසය.
ලංකාව වැනි තුන්වැනි පන්තියේ රටක පරිසරය නිරන්තරයෙන්ම අපිරිසිදු වෙයි. එය එක් තාක්  දුරකට සමාජයේ කුඩාම තැනුම් ඒකකය වන පවුල් සංස්ථාවට පිරිසිදු කරගැනීමට  හැකි අතර ඉන් එහා කොටස පිරිසිදු කිරීමට මැදිහත් වන්නේ රජය හරහා නගර සභා සහ වෙනත් පෞද්ගලික ආයතනයන්ය.  නමුත් ඩෙංගු ප්‍රශ්නයේදී රජය ජනතාව මතට අවධානම දමා ඇත. මෙම රජය එසේ කරන්නේ ජනතාව සිතන ආකාරය ගැන හොදින් ඔවුන් අවබෝධ කරගෙන සිටින නිසාවෙනි. ජනතාව හැම විටම සිතන්නේ  තම පවුල ශක්තිමත් කරගත් විට සමාජය ශක්තිමත් වී රාජ්‍යද ශක්තිමත් වන බවය. මහරජා හේගල් ගැන නොදන්නවා වුවාට ලුම්පන් ජනතාව සහ ඔවුන්ගේ  බාල ආශාවන් ගැන හොදින්ම දනී. ඒ නිසා ඔහුගේ පාලනය දිගටම පවත්වාගෙන යයි. 
කිවුබාව විසින් ඩෙංගු මර්දනය කිරීම සදහා බී.ටි.අයි. බැක්ටීරියාව සොයාගෙන ඇති අතර එය ලංකාවට ගෙන ඒමට එක් වරක් තීරණය කෙරුනද කොම්පැනිකරුවන්ගේ කොමිස් මුදල් අහිමි වන නිසා රජය එය ගෙන ඒම සිදුකලේ නැත.
ඉතින් ඩෙංගු ප්‍රශ්නය විසදීමට මේ රජයට විනාඩි  10 ක් වත් ගත වන්නේ නැත. ඒ කිවුබානු රජය සමග මහා රජාට ලොකු හිටවත්කමක් තියෙන නිසා එක කෝල් එකකින් ඒම බැක්ටීරියාව මෙහෙට ගෙන්වා ගැට හැකිය. පරිසරය අපිරිසිදු නිසා දඩ කන සහ හිරේ විලංගුවේ වැටෙන ජනතාව මේ කරණය ගැන නොදන්නවා නොවේ, ඒ බව දැන දැනම නරුමවාදීව ජිවත් වෙයි. ජනතාවට තව දුරටත් රජයෙන් දඩ කමින් නරුමවාදිව ජිවත් විය හැකිය. එහෙත් අප සැවොම මතක තබා ගත යුත්තේ හැකි පමණින් රාජ්‍ය ජනතාවාදී කිරීමට උත්සහ කරමින් එය ශක්තිමත් කල විට තමා ජිවත් වන සමාජය සහ පවුලද ක්‍රමිකව ශක්තිමත් වන බවය. එය පවසන්නේ මා නොවය හෙගල්ය.
          
Monday, June 25, 2012

කඩි ගුලක් ඇවිස්සී
තිබුණි මහා උදෑසන..
ගං දියක් සොයා මා
වෙහෙස වී නැවතීමි..
                                 ගං තෙරක් මා අසල
                                 බලා ඉනු මා දුටිමි..
                                 සියලු දුක් කඳුළු
                                 වීසි කොට, පා කර
                                 දිනක් ගං තෙර සිප ගතිමි..
             ඒ දිනය දින...

Monday, July 9, 2012

කොමියුනිස්ට් ධනපතියෙකු වූ
ලිබරල් කවියකි
ඔබ...
මම,
විදවන්න කවි ලියන
පසුගාමී පන්හිදකි..

ප්‍රේමයෙන් මන්මත්ව -
ඔකඳ වී...
වරදටත්, නිවරද්දටත් - බැන වැදී...
හිනැහෙමි...
හඬන්නෙමි...
ප්‍රේමය,රාගය,ලෝකය...
හැමෙකක්ම දේශපාලනිකය...
ඔබ නැත හැලක්, හොල්මනක්...
"රිදවන්න එපා මා"
                   කියා මා රිදවගමි...
තුන් හිතම...
හඬවා ඔබ දකින්නට
තුන් ඇසම...
"ආදරෙයි සොඳුරියේ,
ඇත්තටම ...

දිවි ගඟේ
අහඹු හමුවීම..
මිතුරු ඔරුව...
ගඟ සැඩ වෙද්දීත්..
නිසල වෙද්දීත්..
ඔරුව සිටියා නොසෙල්වී..
අත්වැල වුනා මට,
හිනැහෙන්න...සැනසෙන්න,
නැලවෙන්න..
ආදර සුළං ඔහේ පා වුණා..
ස්නේහ පොද වැස්ස
ඇද වැටුණා..
හිමි හිමින්..
ගඟටත් සොරෙන්..
බර වුණා - මිතුරු ඔරුව....
ඇල වෙලා ගිහින්
පෙරළුනා ආදරයකට...

යහලුවනේ..
යෙහෙලියනේ...
පෙරළුණ පිට හොඳද?